ආයුර්වේද ඉතිහාසය

ආයුර්වේද වෙදකම අවුරුදු 5000ක් තරම් පැරණි ස්වභාවික ඖෂධ පමණක් උපයෝගී කර ගනිමින් රෝග සුවපත් කිරීමේ ශාස්ත්‍රයක් වන අතර මෙම ශාස්ත්‍රය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාව අතර බෙහෙවින් ප්‍රචලිත වේ.

මේවනවිට බටහිර වෛද්‍ය ව්ද්‍යාව ආයුර්වේද ප්‍රථිකාර ක්‍රම අභිබවා ගොස් තිබුනද ස්වාභාවික ප්‍රතිකර්ම කෙරෙහි ලෝකයේ බොහෝ පිරිස් නැඹුරු වී සිටිති. ඊට ප්‍රධානතම හේතුව වනුයේ මෙම ක්‍රමයහි රසායනික ද්‍රව්‍ය කිසිවක් හෝ අඩංගු වී නොතිබී 100% ස්වභාවික වීමයි.. ටිබටයේ සහ චීනයට සේම ග්‍රීක ඖෂධ වලටද යොදාගන්නාවූ මූලද්‍රව්‍ය  ආයුර්වේද ප්‍රතිකර්ම සඳහා යොදාගන්නාවූ මූලද්‍රව්‍ය වලට  සමාන බව සොයාගෙන ඇත. මෙයින් පෙනී යන්නේ මෙම ස්වාභාවික ප්‍රතිකර්ම ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කොට ඇති බවයි.

ආයු = ජීවිතය 
වේද = දැනුමේ

විද්‍යාත්මක බව මුලිකවම ආයුර්වේද ප්‍රථිකාර ක්‍රමය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන අතර ඒවා අභ්‍යන්තර හා භාහිර ප්‍රතිකර්ම ලෙස දක්වා ඇත.  මෙම ප්‍රථිකාර ක්‍රමය තුලින් තුලින් විශේෂයෙන් සිරුර, මනස හා අධ්‍යාත්මය සුවපත්කිරීම විශේෂ වනු ඇත. අපගේ කෞතුකාගාරය නැරඹීමෙන් මෙකී කරුණු සියල්ල වෙන් වෙන් වශයෙන් විස්තර කොට ඇති අතර විෂය පිලිබදව මනා දැනුමක් මෙයින් ලැබෙනු ඇත.